Edit Content

Contact Information

Feel free to contact us using the information

Need assistance or have questions? Reach out to us today, and our team will be glad to help you!

Head Office Address

No 47, Alexandra Place, Colombo 07 Sri Lanka

Email Address

secretary@slcmdi.lk

Telephone

+94 77 381 5625

ආපඳාවට ලක්වූ ජනතාවගේ සුව සෙත නැංවීමට ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයෙන් රුපියල් මිලියන 7.5 ක පරිත්‍යාගයක්

ආපඳාවට ලක්වූ ජනතාවගේ සුව සෙත නැංවීමට ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයෙන් රුපියල් මිලියන 7.5 ක පරිත්‍යාගයක්…

ඇතිවූ හදිසි ආපඳා තත්ත්වය හේතුවෙන් ආපඳාවට ලක්වූ ජනතාවට රෝගී සත්කාර සේවාවන් විධිමත් අයුරින් සිදුකිරීමට මෙන්ම එම ප්‍රදේශවල ස්ථාපිත රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල භාවිතය සදහා ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ (Sri Lanka Chamber of Medical Devices Industry- SLCMDI) සාමාජිකත්වය දරණ සමාගම් සහ ආයතනවල සහයෝගීතාවයෙන් රුපියල් මිලියන 7.5 ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ද ඇතුළුව මුල්‍ය පරිත්‍යාගයක් අද (03) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත එම මණ්ඩලයේ නිලධාරීන් විසින් සිඳුකරන ලදී.

රුපියල් මිලියන 7.5 ක් වටිනා මෙම පරිත්‍යාගයට රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුත් Prodigy Glucometrrs and Test strips, Oxygen Flow Meters With Humidifierbbottle, UV Light Room Sterilizers, MED 55 Automatic Blood Pressure Monitors, Respiratory and Oxygen Therapy Products, Polyglactine Sutures, Polyglactine Sutures, Adult Diapers(M.L.XL),koko Baby Diapers,Hand Sanitizers ඇතුලත් වන අතර අත්‍යවශ්‍ය සුවසේවා කටයුතු සදහා රුපියල් මිලියන 1.5 ක මුදලක් ද අතුලත් වේ.

මෙරට සමස්ත සෞඛ්‍ය පද්ධතිය විධිමත් අයුරින් පවත්වාගෙන යාම සදහා මෙවැනි ප්‍රදානයන් බෙහෙවින් ඉවහල්වන බව මෙහි දී අවධාරණයකල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන්ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සිය ස්තූතිය පුදකර සිටියේය.

මෙරට ජනතාව විපතකදී තමන් ගැනවත් නොසිතා අනුන්ගේ යහපත වෙනුවෙන් කැපවී කටයුතුකරන විශිෂ්ට ජාතියක් බවත් අවධාරණය කල ලේකම්වරයා සුනාමිය මෙන්ම මෙරට ඇතිවූ සෑම ව්‍යවසන තත්ත්වයකදී ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකාවන්ව එකමුතුව, නැගීසිටිමෙන් මාතෘභූමිය ගොඩනැගීමට සියලුදෙනා එක්ව කටයුතුකල බව ද මෙහි දී සිහිපත් කර සිටියේය.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රමවත්ව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සෑම අවස්ථාවකදීම ලබා දුන් සහයෝගය මෙන්ම අසීරු අවස්ථාවන්හිදී ද තම සාමාජික සාමාගම් සහ ආයතනවල සහයෝගීතාවයෙන් එම සහයෝගය නිබදව ඉදිරියටත් ලබා දෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ වත්මන් සභාපති ගෙහාන් සෙනෙවිරත්න මහතා මෙහි දී අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය 2015 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර මේවන විට සාමාජික ආයතනයම සහ සමාගම් 70 කට අධික ප්‍රමාණයක් එහි සාමාජිකත්වය දරණු ලබයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ වත්මන් සභාපති ගෙහාන් සෙනෙවිරත්න, ඉදිරි වර්ෂය සදහා තෝරාගත් සභාපති ක්ලයිව් සී. ජේම්ස් (Clive C. James), භාණ්ඩාගාරික තෆ්ගීර් හසිබින් අම්මොන් (thafgir hazibin ammon)යන මහත්වරුන් මෙන්ම සසින්ත ප්‍රනාන්දු, අසිෆ් මුසාහික්නේ,ප්‍රභාහරන් පෙරියසාමි,දිනේෂ් සෙල්වම් යන කමිටු සාමාජිකයන් එක්ව සිටියහ.